ශ්‍රී ලංකාවේ පැතිර යන කොවිඩ්-19 දෙවන රැල්ලේ වෛරස් ප්‍රභේදය “B.1.42” යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරස ප්‍රභේදයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් එම පර්යේෂණය සිදුකර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම පර්යේෂණය සිදුකර ඇති බව වාර්තා වේ.
මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කන්දකාඩු පොකුරට අදාළ ආසාදිතයින්ගේ පැවතියේ B.1, B.2, B 1.1 සහ B.4 යන කාණ්ඩවලට අයත් වෛරස බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර තිබේ.
නව වෛරස ප්‍රභේදය ඉතා ඉක්මණින් පැතිර යාමට සමත් ප්‍රබල වෛරස ප්‍රභේදයක් බව අනාවරණය කරගෙන තිබුණ ද එය කිනම් රටක් හරහා පැමිණියේ ද යන්න මෙතෙක් නිශ්චිතව සොයා ගැනීමට හැකි වී නැත. ඊට හේතු වී ඇත්තේ විවිධ රටවල වෛරස් ප්රභේදවල සාම්පල එම විශ්වවිද්‍යාලය සතුව නොමැති වීමයි.
