තුර්කියේ ඒගන් වෙරළ තීරයට හා ග්‍රීක දූපතක් වන සමෝස් දූපතට උතුරින් බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් කොන්ක්‍රීට් කුට්ටි හා ගොඩනැගිලි අටක සුන්බුන් ඉවත් කරමින් මෙහෙයුමක් සිදුකරමින් සිටී.
මෙම සිදුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. තවත් 800 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
සිකුරාදා පස්වරුවේ මෙම භූමිකම්පාව සිදු වූ අතර තුර්කියේ තුන්වන විශාලතම නගරය වන ඉස්මීර් හි ගොඩනැගිලි පෙරළී ගොස් තිබුණි. භූමිකම්පාවෙන් පසු සමෝස් දූපතට හා සෙෆෙරෙහිසාර් ප්‍රදේශයට සුනාමි තත්වයක් ද ඇති විය. ප්‍රබල භූමිකම්පාවෙන් පසු තවත් සියගණනක් වූ පසු කම්පන ඇති විය.
තාප්පයක් කඩා වැටීමෙන් සමෝස් දූපතේ ද තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. එම දූපතේත් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර 14 හැවිරිදි ළමයෙකු ඇතුළු දෙදෙනෙකු ග්‍රීසියේ ඇතෑන්ස් වෙත ගුවන් මගින් යොමු කර ඇති අතර හත් දෙනෙකු දූපත තුළම රෝහල් ගත කර ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඇමරිකානු භූ විද්‍යා ආයතනය සඳහන් කළේ එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.0ක් ලෙස සටහන් වූ බවයි. කෙසේ වෙතත් ඉස්තාන්බුල් හී කන්දිල්ලි ආයතනය සඳහන් කළේ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් ව ඇති බවයි. එය ඒගන් මුහුදේ කිලෝමීටර් 16 ක් පමණ ගැඹුරට වන්නට සිදුව ඇති බව ද අනාවරණය වී තිබේ.
තුර්කිය විෂම භූතලයක පිහිටා තිබීම හේතුවෙන් නිරන්තරයෙන් භූමිකම්පා වලට ගොදුරු වේ. 1999 දී බලවත් භූමිකම්පා දෙකක් හේතුවෙන් වයඹදිග තුර්කියේ 87,000 ක් පමණ මිය ගොස් ඇත. ග්‍රීසියේ ද නිතර භූමිකම්පා දක්නට ලැබේ.
